පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023.
පොසොන් පොහොය නිමිතිකොටගෙන ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරයේ පැවැත්වු පිංකම් මාලාවට සමගාමිව පොසොන් පොහෝ දින දහවල් දානය පිලිගන්වන ලද්දේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී චන්ද්‍රදාස මහත්මිය ඇතුලූ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසිනි. තන්තිරිමලය රාජමහා විහාරාධිපති පූජ්ය තන්තිරිමලේ චන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම දානමය පිංකම සදහා භික්ෂුන් වහන්සේලා 15 නමක් වැඩම කලහ. මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් මෙම පිංකම පැවැත්වුයේ සිව්වන වරටයි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





























