'ත්‍රිපිටකාභිවන්දනා' සතිය වෙනුවෙන් පැවැත්වූ පිණ්ඩපාත දානමය පිංකම

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිිපත් කිරීමට අදාල ක්‍රියාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රිපිටක අභිනන්දන' සතිය 2019.03.16 වන අද දින ආරම්භ විය. මෙම වැඩසටහන මාර්තු 23 වන දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
සතියක් පුරා පැවැත්වෙන විවිධ ආගමික වැඩසටහන් මාලාවේ ආරම්භක පිංකම ලෙස පිණ්ඩපාත දානමය පුන්‍ය කර්මය අද දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පේමඩුව ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරස්ථානය මූලික කර ගනිමින් පැවැත්විය.















