ධර්ම දේශණා වැඩසටහන - 'ත්‍රිපිටකාභිවන්දනා සතිය'

ත්‍රිපිටකාභිවන්දනා සතියේ සත්වන දිනය සනිටුහන් කරමින් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 22 වන අද දින ධර්ම දේශණා වැඩසටහනක් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී සංවිධානය කරන ලදී. එහිදී අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරි ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුනාවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශණාව පවත්වන ලදී.
මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය හා ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහිදී රාජ්‍ය නිලධාරින් සඳහා වූ ත්‍රිපිටකාභිවන්දනා ප්‍රතිඥාව කියවීමද ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.















