අභ්‍යන්තර කාර්යය මණ්ඩල ක්‍රිකට් තරඟාවලිය - 2019

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මගින් කාර්යය මණ්ඩලයේ සුහඳතාවය හා ශාරීරික සුවතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අභ්‍යන්තර කාර්යය මණ්ඩල ක්‍රිකට් තරඟාවලිය මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර්.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.08.03 වන දින ඔයාමඩුව නාවික නිවාඩු නිකේතන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
මේ සදහා අභ්‍යන්තර, සංවර්ධන නිලධාරි , ක්ෂේත්‍ර නිිලධාරි හා සමෘද්ධි අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 04 ක් සහභාගි විය. අවසන් තරඟය අභ්‍යන්තර කාර්යය මණ්ඩල කණ්ඩායම හා සමෘද්ධි නිලධාරි කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී සමෘද්ධි කණ්ඩායම පරාජයට පත්කරමින් අභ්‍යන්තර කාර්යය මණ්ඩලයේ කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.















