'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන සිදුකරන ලද වැඩසටහන
ත්‍රිපිටකාභිවන්දනා සතියේ හතරවන දිනය සනිටුහන් කරමින් 2019.03.19 වන අද දින රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන සිදුකරන වැඩසටහන ඔයාමඩුව රජරට ප්‍රජා කේන්ද්‍රය පදනම් කරගෙන පවත්වන ලදී. එම අවස්ථාව සඳහා කිඹුල්වැව ශ්‍රී ධර්මවර්ධනාරාමයේ පූජ්‍ය කළුවච්චිමුල්ලේ සාරානන්ද හිමි වැඩමකර ත්‍රිපිටකය පිළිබඳව ධර්ම දේශනාවක් පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා රජරට ප්‍රජා කේන්ද්‍රයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් සහභාගි වූහ.















