පොසොන් කුරක්කන් කැඳ දන්සල - 2019

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මගින් පොසොන් පොහොය නිමිති කරගෙන 15වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා කුරක්කන් කැඳ දන්සල, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර්.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.06.16 වන දින ඔයාමඩුව මංසන්ධියේදී සාර්ථකව පැවැත්විණි. මේ සදහා දිවයිනේ නන් දෙසින් වන්දනාවේ පැමිණි බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවූහ.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම - 2019

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් 2019.04.17 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතා සහ කාර්යය මණ්ඩලයේ සියළුම නිලධාරීන් සහභාගිවී සිටියහ.
මතින් නිදහස් රටක් වෙනුවෙන් 'බක්මහ දිවුරුම'

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මතින් නිදහස් රටක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් 'බක්මහ දිවුරුම' දීමේ වැඩසටහන 2019 අප්‍රේල් 03 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රෙයේදී පැවැත්විිණි. කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සියළුම නිලධාරින් මෙම අවස්ථාවට සහභාගීවූහ.















