'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් පවත්වන ලද දහම් පාසල් වැඩසටහන

dsp3
ත්‍රිපිටකාභිවන්දනා සතියේ දෙවන දිනය සනිටුහන් කරමින් 2019.03.17 වන අද දින ත්‍රිපිටකය පිළිබඳව දහම් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා  මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු දහම් පාසල් පදනම් කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදී.

තවද , දහම් පාසල් සිසුන් විසින් 'ත්‍රිපිටකාභිවන්දනා  ප්‍රතිඥාව' ලබාදීමද මෙම අවස්ථාවේදී සිදුවිය.

 'ත්‍රිපිටකාභිවන්දනා' සතිය වෙනුවෙන් පැවැත්වූ පිණ්ඩපාත දානමය පිංකම

pindapatha7

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිිපත් කිරීමට අදාල ක්‍රියාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රිපිටක අභිනන්දන' සතිය 2019.03.16 වන අද දින ආරම්භ විය. මෙම වැඩසටහන  මාර්තු 23 වන දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

සතියක් පුරා පැවැත්වෙන විවිධ ආගමික වැඩසටහන් මාලාවේ ආරම්භක පිංකම ලෙස පිණ්ඩපාත දානමය පුන්‍ය කර්මය අද දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පේමඩුව ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරස්ථානය මූලික කර ගනිමින් පැවැත්විය.

71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

independence day 2019

1948 ‌පෙබරවාරි 04 වන දින ශ්‍රීී ලංකාද්වීපයට නිදහස ලැබී උදාවූ 71 වන නිදහස් දිනය සැමරීම ‌‌‌වෙනුවෙන් ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව සංවිධානය කළ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික දින සැමරුම් උළෙල අභිමානවත් අයුරින් මහවිලච්චිය ප්‍රාදේශීය ‌‌ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2019.02.04 දින මහවිලච්චිය ප්‍රාදේශීයය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය ‌‌‌‌ලේකම්තුමන් විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය. අනතුරුව ජාතික ගීය ගායනා කරමින් ජාතික උපහාරය පුදකොට විනාඩි 02 ක නිශ්ශබ්දතාවයකින් නිදහස් සටනේ විරුවන්ට උපහාර පිරිනැමීම සිදුවිය.

ඉන්පසුව මහවිලච්චිය ප්‍රාදේශීය ‌‌ලේකම්තුමන් විසින් කාර්යය මණ්ඩලයේ නිලධාරින් අමතමින් රාජ්‍ය නිලධාරින් වශයෙන් සියළුදෙනාම තම රාජකාරිය නිවැරදිව හා කැපවීමෙන් ඉටුකළ යුතු බවත් ශ්‍රී ලංකාව තුල තිරසර සංවර්ධනයක් ඇති කරලීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී. අවසාන වශයෙන් කාර්යය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදානයක් පවත්වා 71 වන නිදහස් සමරුව සනිටුහන් කරන ලදී.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top