කොරෝනා වෛරසය පිටුදකිමු
කොරෝනා වෛරසය පිළිබඳ ප්‍රශ්ණ හා පිළිතුරු සඳහා මෙතනින් පිවිසෙන්න
අන්තර් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ක්‍රිකට් තරඟාවලිය 2020 - මහවිලච්චිය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය මහලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරින් අතර සුහඳතාවය වර්ධනය කිරීම, රාජ්‍ය නිලධාරින් ක්‍රීඩාවට යොමු කිරීම මගින් නිරෝගීමත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම යනාදී අරමුණු මූලික කර ගනිමින් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද අන්තර් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ක්‍රිකට් තරඟාවලිය 2020 පෙබරවාරි මස 29 හා මාර්තු මස 01 යන දිනයන්හි දී පේමඩුව අ/සිද්ධාර්ථ මහ විදුහල් ක්‍රීඩාංගණයේ දී මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.
මෙහිදී තිරප්පනේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය කණ්ඩායම විසින් අවසන් මහා තරගයේදී හොරොව්පතාන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය හිමිකර ගන්නා ලද අතර, සත්කාරක කණ්ඩායම වූ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය කණ්ඩායම තෙවන ස්ථානය හිමිකරගන්නා ලදී.
![]() |
|
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2020 වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීම
මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කර්යාලයේ 2020 වසර සඳහා නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය පිරිත් සජ්ජායනා කිරීමෙන් හා ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව 2020.01.01 දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී ආරම්භ කරන ලදී.ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම සිදුකළ අතර , පසුව සියළු කාර්යය මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීම සිදු කළහ.
අනතුරුව , සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් තුළ ඵලදායී පුරවැසියෙක් , සතුටිින් ජීවත්වන පවුලක් , ගුණගරුක , විනයගරුක සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා කාර්ය මණ්ඩලයේ සෑම දෙනාගේම දායකත්වය අවංකව, අප්‍රමාදව සහ දැඩි කැපවීමකින් යුතුව ලබාදීමේ අවශ්‍යතාවය තේමා කරගත් කෙටි දේශනයක් ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සිදුකරන ලදී.





























